කාසියේ වාසිය කොදෙව්වන්ට

කාසියේ වාසිය කොදෙව්වන්ට

October 26, 2024   02:01 pm

ශ්‍රී ලංකාව හා බ.ඉ. කොදෙව් කණ්ඩායම අතර අද (26) පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ බ.ඉ. කොදෙව් නායක ෂේ හෝප් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබේ.

ඒ අනුව පළමු තරග දෙකට ක්‍රීඩාකිරීමට නොහැකි වූ පැතුම් නිස්සංක හා ඩිල්ෂාන් මදුසංක කැඳවා ඇති අතර, ඒ හේතුවෙන් නිශාන් මදුෂ්ක හා දුනිත් වෙල්ලාලගේ විවේක ගන්වා තිබේ.

එමෙන්ම කොදෙව් කණ්ඩායමේද වෙනස්කම් තුනක් සිදුකර තිබෙන අතර, ඒ අතර වයස අවුරුදු 17ක යෞවනයෙකු වන ජුවල් ඇන්ඩෲ කැඳවා ඇත.

මෙය ඔහුගේ පළමු එක්දින ජාත්‍යන්තර තරගය වේ.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය  ප.ව. 2.30ට ආරම්භ වේ.

මේ අතර අද තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රෝස පැවැති පටියක් පළඳීමින් තරගයට එක්විය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේනදය කළේ අද තරගය 'රෝස රිබන් දිනය' ලෙස නම් කර ඇති බවය.

ඔක්තෝබර් මාසයේ යෙදෙන 'පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයට සහාය දැක්වීමේ අරමුණෙන් මෙලෙස ක්‍රීඩකයින් ‘රෝස පැහැති පටියක්’ පළඳීමින් ක්‍රීඩාකරනු ලබයි.