සයුරෙන් එතෙර

ඉම්රාන් ඛාන්ගේ බිරිඳට ඇප

October 26, 2024   01:36 pm

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ බිරිඳ වන වසර 14ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියමවී සිටි බුෂ්රා බිබි  ඇප මත මුදාහැර තිබේ.

හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට මෙන්ම අගමැති බිරිඳට සිරදඬුවම් නියම වුණේ අගමැති ධුරයේ සිටියදී විවිධ රටවලින් ලැබුණු ත්‍යාග නීතිවිරෝධීව අලෙවි කර ලාභ උපයාගැනීම යන චෝදනාවට වරදකරු වීම හේතුවෙනි.

ඔවුන්ට සිරදඬුවම් නියම වුණේ මෙම වසර ආරම්භයේ දී ය.