මත ගැටුම් ගැන යන කටකතාවලට හරිනි දුන් පිළිතුර 

මත ගැටුම් ගැන යන කටකතාවලට හරිනි දුන් පිළිතුර 

October 26, 2024   02:02 pm

තමා සහ ජනාධිපතිවරයා අතර මත ගැටුමක් ඇති බවට අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීමට ඇතැමුන් උත්සාහ ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. 

අත්තිඩිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අගමැතිනිය ඒ බව පැවසුවාය.

ජාතික ජන බලවේගය මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් සංවිධාන කළ ජන හමුවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අත්තඩියේදී ඊයේ පැවැත්වුණි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

"මේ දවස්වල සුදුරුදු පරිදි බොරු කියන්නත් කතා මවන්නත් හරිම දක්ෂයි. අනුර සහෝදරයයි මමයි ෆුල් ෆයිට් එකේ කියලා දැන් කියනවා නේ. අපි දැන් කතා කරන්නේ නැහැලු. කවදද ඔය බොරුව එපා වෙන්නේ. මට ඕන එක්කෙනා නෙමෙයි ලු තේරුවේ... මට තරහ ගියාලු...අනුර සහෝදරයා එක්ක රණ්ඩු වුණා ලු. අනුර සහෝදරයා එයාට ඕන එක්කෙනා පත් කළාලු. අපි මේ තීරණ ගන්න කාමරවල ඒ අය හිටියා වගේ කියන්නේ. ඒක ඒ අයගේ බලාපොරොත්තුව වෙන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි ඇත්ත. අපි තීරණ ගන්නේ එකතුවෙලා. සාකච්ඡා කරලා. පවු ඇත්තටම පවු. අපි අතර තරගයක් නැහැ."