ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵල දෙන්නේ මෙහෙමයි

ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵල දෙන්නේ මෙහෙමයි

October 26, 2024   03:39 pm

ඇල්පිටිය මැතිවරණයට අදාළව ඡන්ද මධ්‍යස්ථානයේදීම ගණන් කිරීමේ කටයුතු ද සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඔහු පැවසුවේ එම ගණන් කිරීමෙන් පසු ගාල්ල තේරීම් භාර නිලධාරියාට එම ප්‍රතිඵල ලබා දෙන බවත් ඉන් පසු තේරී පත්වන සභිකයින් සංඛ්‍යාව සහ එක් එක් දේශපාලක පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව නිවේදනය කරන බවය.

"ඡන්ද මධ්‍යස්ථානයේම තමයි ගණන් කිරීමේ කටයුතු කරන්නේ. ඡන්ද මධ්‍යස්ථාන 48ක් තියෙනවා කොට්ඨාස 17ක් සඳහා. කොට්ඨාසය 17ට අදාළ ඡන්ද ප්‍රතිඵල සියල්ල ගාල්ල තේරිම් භාර නිලධාරියාට භාර දුන්නාට පස්සේ ඒ 17 එකතුව අරගෙන එක් එක් කොට්ඨාස ජයග්‍රාහකයෝ කවුද? ඒ වගේම මේ සඳහා තේරීපත්වෙන අතිරේක ලැයිස්තු මන්ත්‍රී සංඛ්‍යාව කීයද? කියන එක සිදුකරනු ලබනවා. ඒ කියන්නේ එක් එක් දේශපාලන පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව ඔවුන්ට හිමිවෙන ආසන සංඛ්‍යාව කීයද? ඔවුන් කොට්ඨාසය ජයග්‍රහණය කරපු ප්‍රමාණය කීයද? ඉතිරි ආසන සංඛ්‍යාව කීයද? කියන නිවේදනය නිකුත් කරනු ලබනවා."