දියේ ගිලී තරුණයෙකු මරුට

දියේ ගිලී තරුණයෙකු මරුට

October 26, 2024   05:42 pm

අත්තනගලු ඔයේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ හපුතලේ තංගමල ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණයෙකි.

මියගිය තරුණයා අත්තනගල්ල දඹුටුව ප්‍රදේශයේ රැඳී සිටිමින් එම ප්‍රදේශයේම රැකියාවක් සඳහා මීට මාසයකට පෙර පැමිණ තිබුණි.

රැකියා ස්ථානයේ මිතුරන් කිහිප දෙනෙකු සමග අත්තනගලු ඔයේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී මෙම තරුණයා දියේ ගිලී අතුරුදන්ව තිබුණි.

පසුව ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව පැය හතරක පමණ කාලයක් දැඩි පරිශ්‍රයක් යොදා තරුණයාගේ සිරුර සොයා ගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පවත්වයි.