මැදපෙරදිග යුද ගැටුම් ගැන විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්

මැදපෙරදිග යුද ගැටුම් ගැන විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්

October 26, 2024   07:17 pm

මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති ගැටුම්කාරී තත්ත්වය හමුවේ එහි රැදී සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය සදහන් කළේ තානාපති කාර්යාල හරහා මැදපෙරදිග කලාපයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳ සොයා බලමින් සිටින බවය.

කෙසේ වෙතත් ප්‍රහාර හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව ඇති බවට මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන පුද්ගලයින්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා කටයුතු කරන ලෙස ද තානාපති කාර්යාල දැනුවත් කර ඇති බව ද සදහන් වේ.

කෙසේ වෙතත් මේ දක්වාත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු යුද ගැටුම් හේතුවෙන් මෙරටට පැමිණිය යුතු බවට ඉල්ලීමක් කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.