ලාංකිකයන් ප්‍රියකරන චීන ආහාර පාන අස්සේ සැඟවුණු රහස්

ලාංකිකයන් ප්‍රියකරන චීන ආහාර පාන අස්සේ සැඟවුණු රහස්

October 26, 2024   07:30 pm

චීනයෙන් මෙරටට ගෙන්වූ ආහාරපාන, ඖෂධ හා විටමින් වර්ග කල්ඉකුත් වූවායින් පසුව දින වෙනස් කර නැවත අලෙවි කරන ජාවාරමක් නීතියේ රැහනට හසුකරගැනීමට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට හැකිවුණි.

උකුස්සාගේ අද (26) අනාවරණය ඒ පිළිබඳවය.

කොල්ලුපිටියේ පිහිටි චීන අහාරපාන අලෙවි කරන ප්‍රසිද්ධ අලෙවිසැලක චීන ආහාරපාන, ඖෂධ වර්ග හා විටමින් වර්ග අලෙවි කරයි.

චීන ආහාරපාන සඳහා ප්‍රියතාවක් දක්වන ලාංකිකයන් මෙන්ම චීන ජාතිකයන්ද එම ස්ථානයට පැමිණෙයි.

එවන් පසුබිමක මෙහි කල් ඉකුත් වූ භාණ්ඩවල ලේබල් වෙනස් කර නැවත අලෙවි කරන බවට තොරතුරක් ලැබුණි.

ඒ අනුව පාරිභෝගික සේවා කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමග "අද දෙරණ උකුස්සාද" එම ස්ථානයට ගියේය.

එහිදී සිදුකළ සොයාබැලීමේදී අදාළ තොරතුර තහවුරු කරගැනීමට හැකිවුණි.

ඒ අනුව අදාළ ස්ථානයේ තිබී කල් ඉකුත් වූ ආහාරපාන තොගයක් සොයාගත්තේය.

එහි තිබූ ඇතැම් භාණ්ඩවල කල්ඉකුත් වූ දිනයක්වත් සඳහන්ව නොතිබීමද විශේෂත්වයකි.

මේ එම වෙළෙඳසැලේ තිබී කල් ඉක්තු වූ ඖෂධ සහ විටමින් වර්ග තොගයක් ද  සොයාගත්තේය.

අනතුරුව මහල් තුනකින් සමන්විත අදාළ වෙළෙඳසැලේ ගබඩාවට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් මුද්‍රා තබනු ලැබීය.

ඉදිරියේදීත් මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන් රට හමුවේ අනාවරණය කිරීමට "අද දෙරණ උකුස්සා" සීරුවෙන්.