රත්නපුරයේ වෙඩිතැබීමක්

රත්නපුරයේ වෙඩිතැබීමක්

October 26, 2024   02:19 pm

රත්නපුර, මාරපන තලාව ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.

අද (26) අලුයම 02ට පමණ එම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී එම නිවසේ හිමිකරු, ඔහුගේ බිරිඳ, දරුවා සහ ඔහුගේ දෙමව්පියන් සිට ඇති අතර ඔවුන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත.

රත්නපුර පොලීසිය සඳහන් කළේ, නිවසේ හිමිකරු පතල් හිමිකරුවකු බවත් එම වෙඩිතැබීම පතල් ආරවුලක් බවට සැක කරන බවය.

සිද්ධිය සම්බන්ධයේන රත්නපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.