සයුරෙන් එතෙර

පාකිස්තානයේ නීතිඥයින් නඩු කටයුතු වර්ජන කරයි 

October 26, 2024   02:13 pm

පාකිස්තානයේ කරච්චි නුවර නීතීඥයින් අධිකරණවල නීතිමය කටයුතු වර්ජනය කර ඇති බව වාර්තා වෙයි.

අධිකරණවල පිවිසුම් අවහිර කරමින් නීතිඥයින් මෙලෙස වර්ජනවල නිරතවනවී ඇති බව වාර්තා වෙයි.

එහි ප්‍රතිඵලයක් ලෙස නඩු විභාගයට යටත්වී සිටින සිරකරුවන් ඊයේ අධිකරණ වෙත රැගෙනවිත් නොමැති බවද සඳහන් ය.