පුංචි පුතෙකුට නිවසේදීම විදුලිසැර වැදී මරුට

පුංචි පුතෙකුට නිවසේදීම විදුලිසැර වැදී මරුට

October 26, 2024   01:36 pm

අත්තනගල්ල අලවල ප්‍රදේශයේ සිය නිවස තුළ සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු 06ක පමණ කුඩා දරුවකු විදුලි සැර වැදී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අත්තනගල්ල අලවල ප්‍රදේශයේ පදිංචිව සිටි තේජාන් දිනුවර නමැති 01 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දරුවෙකි.

ඊයේ (25) දහවල් කාලයේදී මෙම අනතුර සිදුවී ඇති අතර  මියගිය දරුවා විදුලි සෙල්ලම් උපකරණ ගලවමින් සහ සවිකරමින් සෙල්ලම් කිරීමට නිරන්තරයෙන් ඇල්මක් දැක්වූ දරුවෙකු බව වාර්තා වෙයි.

දරුවාට විදුලිසැර වදින අවස්ථාවේ මව සහ පියා නිවසේ වෙනත් කාර්යයක නිරතවී සිට ඇති අතර දරුවා ශීතකරණය අසල වැටී සිටින අයුරු දැක වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබුණි.