අපේ විපක්ෂය සල්ලිවලට ගන්න බැහැ - දිලිත් 

අපේ විපක්ෂය සල්ලිවලට ගන්න බැහැ - දිලිත් 

October 26, 2024   01:21 pm

වත්මන් ආණ්ඩුව ඉදිරිපත්කරන වැඩපිළිවෙළ තුළ කිසිදු උපායමාර්ගයක් නොමැති බව සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ ගණේමුල්ල නගරයේදී පැවති ව්‍යපාරික හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

"වර්තමාන ජනාධිපතිතුමාට මම එදත් පෙන්වා දුන්නා... ඔහු යෝජනා කරන කිසිම වැඩපිළිවෙළකට උපායමාර්ගයක් නැති බව. දැන් ඔහු ඉතිහාසගත වෙනවා...ලංකාවේ අඩුම කාලයක් තුළ වැඩිම ණය ගත්තු පුද්ගලයා හැටියට. 

අපි ජනතාවට යෝජනා කරන්නේ අපිට දෙන්න විපක්ෂය...අනුරට ඔහොම කරගෙන යන්න දෙන්න. අපේ විපක්ෂය සල්ලිවලට ගන්න බැහැ".