පසුගිය කාලයේදී නාවික හමුදාව ඇල්ලු සියලු ඉන්දීය ධීවර යාත්‍රා අද නිදහස්

පසුගිය කාලයේදී නාවික හමුදාව ඇල්ලු සියලු ඉන්දීය ධීවර යාත්‍රා අද නිදහස්

February 12, 2015   11:03 am



මෙරට බාරයේ තිබෙන සියලූම ඉන්දීය ධීවර යාත්‍රා අද දිනයේ නිදහස් කරන බව ධීවර අමාත්‍යංශය පවසයි.

එම ධීවර යාත්‍රා නිදහස් කිරීමට නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇති බව   ධීවර අමාත්‍යංශ ලේකම් නිමල් හෙට්ටආරච්චි මහතා සඳහන් කළේය.

නීති විරෝධි ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම හේතුවෙන් නාවික හමුදා බාරයට ගත් ධීවර යාත්‍රා 84 ක්  මෙලෙස නිදහස් කිරීමට නියමිතය.

ධීවර යාත්‍රා නිදහස් කිරීමෙන් අනතුරුව ඉන්දීය බලධාරීන්ට ඒවා බාරදීම සඳහා නාවික හමුදාවට බාරදෙන බව නිමල් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දිය සංචාරයට පෙර මෙරට බාරයේ ඇති සියලූම ධීවර යාත්‍රා නිදහස් කරන බවට ප්‍රකාශකර තිබුණි.

ජනාධිපතිවරයා ලබන15 වන දින ඉන්දිය නිල සංචාරය ආරම්භ කිරීමට නියමිතය.