ජාවාරම්කරු මත්ද්‍රව්‍ය කිලෝ 30ක් සමග කොටුවෙයි

ජාවාරම්කරු මත්ද්‍රව්‍ය කිලෝ 30ක් සමග කොටුවෙයි

April 27, 2024   08:06 am

කිලෝග්‍රෑම් 30කට ආසන මත්ද්‍රව්‍ය‌ තොගයක් සමඟ පුද්ගලයෙකු කඩුවෙල, බෝමිරිය ප්‍රදේශයේදී බියගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15 ක්, හෑෂ් කිලෝග්‍රෑම් 14 ක් සහ හෙරොයින් ග්‍රෑම් 941 ක් තිබු බව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන් වේ.