ක්‍රිකට් ලොව දිනන්න මග සොයන පානදුරේ බර අවිය - පුංචි මාලිංග

ක්‍රිකට් ලොව දිනන්න මග සොයන පානදුරේ බර අවිය - පුංචි මාලිංග

May 8, 2024   03:23 pm

ක්‍රීඩාව වෙනුවෙන් තම ජීවිතයම කැප කළ ද කැලයේ පිපී කැලයේම පරව යන හෙට රටට වටිනා තරු රැසකට වටිනාකම එක්කිරීමට අද දෙරණ සුවිශේෂී අනාවරණයන් හේතුවී තිබේ.

තවත් එවැනිම රටම සරසන්න හැකියාව සහ උනන්දුව සහිත වුවද එයට මුදල හරස් වූ තරුවක් ගැන පුවතක් අපට වාර්තාවන්නේ පානදුර ප්‍රදේශයෙනි.

තිලංක දිනේෂ් උපත ලබන්නේ පානදුර මොරොන්තුඩුව ප්‍රදේශයේ ගෝනදූව ප්‍රදේශයේය.

තමන්ට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න මහත් උත්සාහයක් ගත්ත ද ඔහුට මේ වනවිට එයට විශාලතම බාධකය වී ඇත්තේ ඔවුන්ගේ පවුලේ ඇති අගහිඟතාවයයි.

සෑම දෙයකටම මිලක් නියම වූ ලොවක නිලංකගේ බලාපොරොත්තු මල්ඵළ ගන්වන්නට ඔහුගේ මව් දෙමාපියන් දරණ වෙහෙස පිළිබඳවද වචනයෙන් කියා නිම කළ නොහැක.

ඔහු පවසන්නේ මෙම අර්බුදයට යම්තාක්දුරකට සහනයක් දිය හැකි අයෙකු වේ නම් තමන්ගේ ඉලක්කය කරා යාමට එය විශාල පිටිවහලක් වනු ඇති බවය.