ජනපතිගේ ඉන්දීය සංචාරයට පෙර ඉන්දීය ධීවර යාත්‍රා නිදහස්?

ජනපතිගේ ඉන්දීය සංචාරයට පෙර ඉන්දීය ධීවර යාත්‍රා නිදහස්?

February 12, 2015   06:59 am


ඉන්දු - ලංකා ධීවර ගැටළුව පිළබඳ සාකච්ජා කිරීම සදහා තමිල්නාඩු ප්‍රාන්ත රජය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

එළඹෙන මාර්තු මස 05  වන දින චෙන්නායි හිදී  මෙම සාකච්ජා පැවැත්වීමට  තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් ඉන්දීය මධ්‍යම රජයට දැනුම් දී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

තමිල්නාඩු සත්ව පාලන හා ධීවර කටයුතු අමාත්‍යංශ  ලේකම් එස්.විජයකුමාර් විසින් අදාළ යෝජනාව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබේ.

ඉන්දු - ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් පසුගිය වසරේ අවස්ථා 02 කදී සාකච්ජා පැවැත්වුවද ඊට නිෂ්චිත විසඳුමක් ලබා ගැනීමට නොහැකිවිය.

ඉදිරියේ පැවැත්වීමට යෝජනා වී ඇති  මෙම සාකච්ජා සම්බන්ධයෙන් මෙරට ධීවර දෙපාර්තමේන්තුව ද දැනුවත් කර ඇති බව වාර්තා වේ.

මේ අතර ශ්‍රී  ලංකා භාරයේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා අද දිනය තුළ නිදහස් කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය  වාර්තා කරයි.

ඉන්දීය ධීවර යාත්‍රා  84ක් මේ වනවිට ශ්‍රී ලංකාව භාරයේ ඇති බව සඳහන්ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දීය සංචාරයට පෙර මෙම ධීවර යාත්‍රා නිදහස් කිරීමට ගෙන ඇති තීරණයට අනුව  අද දිනයේ අදාළ යාත්‍රා නිදහස් කෙරෙනු ඇති බව ටයිම්ස් ඔෆ්  ඉන්දියා පුවත්පත වාර්තා කරයි.

ජනාධිපතිවරයා ලබන 15 වන දින ඉන්දීය සංචාරය ආරම්භ කිරීමට නියමිතයි.