මුජිබර් රහුමාන් ව නම් කරමින් ගැසට්ටුව පිටවෙයි

මුජිබර් රහුමාන් ව නම් කරමින් ගැසට්ටුව පිටවෙයි

May 9, 2024   07:44 pm

ඩයනා ගමගේ ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමගි ජන බලවේගය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මුජිබර් රහුමාන් මහතාව නම් කළ බවට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුර‍ය අහෝසි විය.

ඒ අනුව පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමගි ජන බලවේගය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මුජිබර් රහුමාන් මහතාව නම් කරන බව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබුණි.