වැලිවේරිය ගැටුම - තවත් තරුණයෙක් මරුට

වැලිවේරිය ගැටුම - තවත් තරුණයෙක් මරුට

August 4, 2013   07:51 am

වැලිවේරිය ගැටුමේදී තුවාල ලැබූ 17 හැවිරිදි ළමයෙකු එදිනම මිය යාමෙන් පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අවුරුදු 19ක තවත් තරුණයෙකු ඊයේ රාත්‍රී මියගොස් තිබේ.

තවත් පුද්ගලයින් තිදෙනෙකු එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

තුවාල ලබා සිටි වැලිවේරිය පොලිසියේ ස්ථානාධිපතිවරයා පොලිස් රෝහලට මාරුකර යවා ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

උද්ඝෝෂණය අතර තුරදී පැවති ගැටුම්වලින් තුවාල ලැබු තවත් කිහිපදෙනෙකු ජාතික රෝහල, රාගම සහ වතුපිටිවල යන රෝහල්වල ප්‍රතිකාර ලබති.

මේ අතර පසුගිය 1දා සවස ඇති වූ එම ගැටුමේදී මිය ගිය 17 හැවිරිදි පාසල් ළමයාගේ අවසන් කටයුතු අද වැලිවේරිය පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

බීමට පානීය ජලය ඉල්ලා වැලිවේරිය නගරයේදී විරෝධතා දැක්වූ ජනතාව ඉවත් කිරීමට යාමේදී හමුදාව ඔවුන්ට වෙඩි තැබූ බවට පාර්ශව ගණනාවකින් චෝදනා එල්ල වී ඇත.