වැලිවේරියේ ගැටුම - ජනතාවට උසාවි එන්නැයි නියෝගයක්
August 2, 2013 12:39 pm
ගම්පහ වැලිවේරිය ප්‍රදේශයේ හටගත් ගැටුම්කාරී තත්ත්වයෙන් පසුව අද එම ප්‍රදේශය ගම්පහ මහේස්ත්රාත්වරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.
අද පෙරවරුවේ වැලිවේරිය නගරයට පැමිණි ගම්පහ මහේස්ත්‍රාත්වරයා ගැටුම්කාරී තත්ත්වය පැවති ස්ථාන නිරීක්ෂණය කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් සිද්ධිය පිළිබඳව සාක්ෂි ලබාදීම සඳහා ප්‍රදේශයේ ජනතාවට අගෝස්තු මස 8 වන දින ගම්පහ අධිකරණයට පැමිණෙන ලෙස දැනුම්දෙන ලෙසට පොලීසියට නියෝග කර තිබේ.
පානීය ජල ගැටලුවක් මුල්කරගනිමින් ගම්පහ වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ජනතාව ඊයේ වැලිවේරිය නගරයේ මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක නිරත විය.
උද්ඝෝෂකයින් විසුරුවාහැරීම සඳහා පොලීසිය සහ හමුදාව කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ යොදාගත් අතර ප්‍රදේශවාසීන් ද ආරක්ෂක අංශ වෙත ගල්මුල් ප්‍රහාර එල්ල කරන ලදී.
මෙම ගැටුමේ දී ප්‍රදේශවාසීන් විසි දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කළ අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවු එක් අයෙකු ඊයේ රාත්‍රී ජීවිතක්ෂයට පත්විය.
කෙසේ වෙතත් මේවන විට කලහකාරී තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර මේ වන විටත් නව නුවර මාර්ගය වැලිවේරිය ප්‍රදේශයෙන් වසා දමා ඇති බව වාර්තා වේ.
අද පෙරවරුව වන විටත් ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බව ද අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.