සැප්තැම්බර් 19 ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ

සැප්තැම්බර් 19 ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ

September 9, 2022   01:42 pm

දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් මස 19 වනදා මෙරට ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව එදින දක්වා ශෝකය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය ආයතනවලට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසටද දැනුම්දී තිබේ.