මහ රැජින ගේ අභාවය වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කෙරේ

මහ රැජින ගේ අභාවය වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කෙරේ

September 9, 2022   06:40 am

දෙවැනි එලිසබෙත් මහ රැජින ගේ අභාවය වෙනුවෙන් අද (09) සිට සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස දැනුම්දී තිබේ.

එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ බව දැනුම්දුන් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

දෙවැනි එලිසබෙත් මහ රැජින වර්ෂ 1952 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙස කටයුතු කළාය. 

බ්‍රිතාන්‍යයේ  දීර්ඝතම කාලයක් කිරුළ දැරූ දෙවන එලිසබෙත් මහ රැජින අභාවප්‍රාප්ත වූ බව නිල නිවේදනයක් නිකුත් කරමින් බකිංහැම් මාලිගය ඊයේ (08) රාත්‍රියේ ප්‍රකාශ කළේය.

රැජිනගේ අභාවය සැලවීමත් සමග ඇයගේ පවුලේ සාමාජිකයින් බැල්මොරල් මාළිගය වෙත ගොස් ඇති අතර මුණුපුරන් වන විලියම් සහ හැරී කුමරුද ඒ අතර වන බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.

ඇයගේ අභාවය සැලවීමත් සමග බකිංහැම් මාළිගය ඉදිරි පිටට ද විශාල මහජනතාවක් එක් රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අභාවයත් සමඟ ඇගේ වැඩිමහල් පුත්‍රයා වන චාල්ස් කුමරු බ්‍රිතාන්‍ය හා පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රාන්ත 14ක නව රජු සහ රාජ්‍ය නායකයා ලෙස පත්වීමට නියමිතව ඇත.