පාර්ලිමේන්තුවේ විනාඩි 2ක නිහඬතාවයක්

පාර්ලිමේන්තුවේ විනාඩි 2ක නිහඬතාවයක්

September 9, 2022   09:58 am

බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් මෙරට පාර්ලිමේන්තුවේ දී ශෝකය පළකර තිබේ.

අද (09) පාර්ලිමේන්තුව පෙරවරු 09.30ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණි.

එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එලිසබෙත් මහ රැජිනගේ අභාවය පිළිබඳව ප්‍රකාශයක් සිදුකළේය.

අනතුරුව අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයෙන් රැජිනගේ අභාවය පිළිබඳව ශෝකය පළකිරීම සඳහා සියලු මන්ත්‍රීවරුන් අසුන්වලින් නැගී සිට මිනිත්තු දෙකක නිහඬතාවක් පවත්වනු ලැබීය.

අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද ප්‍රකාශයක් සිදුකරමින් රැජිනගේ අභාවය පිළිබඳව සමගි ජන බලවේගය පක්ෂයේ සංවේගය පළ කළේය.