අද රෑ සිට සිගරට් මිල රුපියල් 5කින් ඉහළට

අද රෑ සිට සිගරට් මිල රුපියල් 5කින් ඉහළට

March 5, 2019   04:19 pm

අද(05) මධ්‍යම රාත්‍රියේ සිට දුම්වැටි සඳහා සඳහා වු නිෂ්පාදන බද්ද සංශෝධනය වෙයි.

ඒ අනුව ජාතික ගොඩනැගිමේ බද්ද පැනවෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2019 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය.

ඒ අනුව මාර්තු මස 6 වන දින එනම් හෙට දිනයේ සිට බලපැවැත්වෙන පරිදි දුම්වැටි සඳහා වන නිෂ්පාදන බදු සංශෝධනය කරනු ලබන 2019 ජූනි 1 වන දා සිට බලපැවැත්වෙන පරිදි දුම්වැටි නිෂ්පාදනය සඳහා ජාතික ගොඩනැඟීමේ බද්ද පනවනු ලැබේ.

ඒ අනුව මිමි 60 කට වැඩි සිගරට් නිෂ්පාදන බද්ද සියයට 12 කින් එනම් සිගරට්ටුවක් සඳහා දළ වශයෙන් රුපියල් 5 කින් වැඩි වෙයි. 

සිගරට් මත වන නිෂ්පාදන බද්ද ඒ අනුව රටේ වර්ධන අනුපාතය, උද්ධමනය සැලකිල්ලට ගෙන දර්ශක මත පදනම්ව දුම්වැටි සඳහා වන නිෂ්පාදන බදුවල අවම වාර්ෂික වැඩවීම තීරණය කරනු ලබනවා. 

මෙමඟින් ආදායම් සංරක්ෂණයක් නිෂ්පාදනවල නිසි පාලනයක් තහවුරු කර ගත හැකි වෙනවා.