
පුත්තලම නගරයේ පදික වේදිකාවේ වෙළෙඳාම් කටයුතුවල නිරත පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම නගරාධිපති රින්සාඩ් අහමඩ් මහතා පුත්තලම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරුව ඔහු පුත්තලම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කර ඇත. සිද්ධියට අදාළ නඩුව හෙට (30) කැඳවීමට නියමිතය.




















































