
2026 අධ්‍යයන වර්ෂයේ තෙවන වාරයේ පාසල් කටයුතු දෙසැම්බර් මස 04 වන දිනෙන් අවසන් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා පවසයි.
අද (29) මධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ් මහතා මේ බව පැවසීය.
ලබන සතියේ ආරම්භ වන නොවැම්බර් 30 වන දිනෙන් ඇරඹෙන මෙම සතිය, වර්ෂයේ තෙවන වාරයේ අවසාන සතිය වන බැවින්, සියලුම අදාළ පාර්ශවයන් ඒ පිළිබඳව දැනුවත් කර ඇති බව ඒ් මහතා පවසයි..
මෙවර වර්ෂයේ ආරම්භයේදී ඇති වූ යම් යම් විශේෂ තත්ත්වයන් (විශේෂයෙන්ම දිට්වා තත්ත්වය හේතුවෙන් විභාග කල්දැමීමට සිදුවීම නිසා මුලින් සැලසුම් කළ පාසල් දින 197ක ප්‍රමාණය දින 186ක් දක්වා සීමා වී ඇත.
මෙම හේතුව මත තවදුරටත් පාසල් දින අඩු කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
දැනටමත් සමහර පාසල් අවසාන විභාග පවත්වා අවසන් කර ඇති අතර, තවත් පාසල් විෂය බාහිර කටයුතු සූදානම් කර ඇති බැවින් කිසිදු බාධාවකින් හෝ වෙනසකින් තොරව, සැලසුම් කළ පරිදිම මෙම සතිය තුළ සියලු පාසල් කටයුතු අවසන් කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව ඒ් මහතා පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා දෙමාපියන්ගෙන් සහ පාසල් දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, හෙට දිනය (නොවැම්බර් 30) සාමාන්‍ය පාසල් දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙසය.
එදිනට නියමිත විභාග ඇතුළු සියලුම පාසල් කටයුතු කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක වන බැවින්, ලබා දී ඇති උපදෙස් අනුව පාසල් කටයුතු සඳහා සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටී.
"මේ අවස්ථාව වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම අදාළ පාර්ශවයන් දැනුවත් කර ඇති පරිදි, 2026 වර්ෂයට අදාළ තෙවන වාරයේ පාසල් කටයුතු දෙසැම්බර් මස හතරවෙනිදා අවසන් කිරීමට අපි අපේක්ෂා කරනවා. ඒ අනුව මේ අපි දැන් එළඹිලා සිටින්නේ ලබන සතියේ 30 වෙනිදායින් ආරම්භ වන සතිය තුළින්, අපි එළඹ සිටින්නේ මේ 2026 අධ්‍යයන වර්ෂයේ තෙවන වාරයේ අවසාන සතියට.
මේ අවස්ථාව වන විට අපි මේ වර්ෂයේ පැවැත්විය යුතු පාසල් දින ගණනින් දින ගණන අපි සැලසුම් කරලා තිබුනේ දින 197ක් පාසල් දින පැවැත්වීමට. නමුත් මේ වර්ෂයේදී 2026 වර්ෂයේදී මුලින් ඇති වූ යම් යම් විශේෂයෙන්ම දිත්වා තත්ත්වයක් නිසා විභාග කල්දැමීමට සිදුවීම නිසා ඇති වූ තත්ත්වයත් සමගම, අපි මේ අවස්ථාව වන විට පාසල් පවත්වන්න පවත්වන්න හැකියාව ලැබෙන්නේ දින 186ක ප්‍රමාණයක්, පාසල් දින 186ක ප්‍රමාණයක්.
මේ හේතුව නිසා කිසිදු ආකාරයකින් පාසල් දින අඩු කිරීමට හැකියාවක් මේ අවස්ථාවේදී නැහැ. ඒක නිසා, අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාර්ශවයන් දැනුවත් කරනු ලැබුවා. මේ අධ්‍යයන වර්ෂයට අදාළ සියලු කටයුතු මේ දෙසැම්බර් හතර වන දින වන විට අවසන් කරන්න කියන කාරණය. එතකොට මේ සතිය තුළදී මේ සියලු කටයුතු අවසන් කළ යුතුව තිබෙනවා, ඒ සියලු බලධාරීන් විසින්.
අපි දැනුවත් කර පරිදිම මේ විවිධ පාසල්වල අවසාන විභාග පැවැත්වීමෙන් පවතිනවා. සමහර පාසල් විභාග අවසන් කරලා තියෙනවා. සමහර පාසල් විෂය බාහිර විවිධ කටයුතු සූදානම් කරලා තියෙනවා. අපේ උපදෙස වුණේ මේ සතිය තුළදී කිසිදු බාධාවකින් හෝ වෙනසකින් තොරව මේ සියල්ලම කටයුතු සැලසුම් කළ පරිදිම අවසන් කරන්න කියන කාරණය.
ඉතින් මේ උපදෙස ඉතාමත්ම පැහැදිලියි. ඒ නිසා අපි හෙට දිනයේදී තිස් වන දින අපි සාමාන්‍ය පාසල් දිනයක් පැවැත්වෙන්නේ ඒ මේ අපේ පාසල් වාර සටහන අනුව. ඒ පාසල් ඒ දිනයට සූදානම් කර ඇති සියලු කටයුතු විභාග ද ඇතුළු සියලුම කටයුතු කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක කළ යුතුව තියෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් මම දෙමව්පියන්ගෙන් සහ පාසල් දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ හෙට දිනය සාමාන්‍ය පාසල් දිනයක් ලෙස සලකා කටයුතු කරන්න කියලා. ඒ අනුව අපේ පාසල්වල කටයුතු අපි උපදෙස් දී ඇති පරිදි ක්‍රියාත්මක වෙයි කියලා අපි අපේක්ෂා කරනවා."



















































