
පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වයට එල්නිනෝ සංසිද්ධිය ඍජුවම බලපා ඇති බවත්, එමගින් වෙනත් වසරවලට සාපේක්ෂව වැඩි වර්ෂාපතනයක් නිරීක්ෂණය වූ බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පවසයි.
අද(29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ ඉදිරියේදී ආරම්භ වීමට නියමිත ඊසානදිග මෝසම් සෘතුවත් සමග මෙම එල්නිනෝ බලපෑමේ ස්වභාවය වෙනස් වන බවයි.
ඒ අනුව, 2027 ජනවාරි මස ආරම්භයේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වය සැලකිය යුතු ලෙස අඩු වනු ඇති බවත්, එය එල්නිනෝ සංසිද්ධියේ සාමාන්‍ය ස්වභාවය බවත් ඔහු පෙන්වා දුන්නේය.
එලෙසම මෙම වසරේ දෙසැම්බර් මස මැද භාගය දක්වා දැනට පවතින වැඩි වැසි තත්ත්වය බලාපොරොත්තු විය හැකි අතර, ඉන් පසුව ක්‍රමයෙන් වැසි තත්ත්වයේ අඩුවීමක් සිදුවනු ඇත.
පවතින අනාවැකිවලට අනුව මෙම එල්නිනෝ බලපෑම ලබන වසරේ අප්‍රේල් මස දක්වා පවතිනු ඇතැයි අනුමාන කෙරෙන අතර, එම මුළු කාලසීමාව තුළදීම ශ්‍රී ලංකාවට ලැබෙන වර්ෂාපතනයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.



















































