header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
බෙර වාදක දුෂ්මන්තව මරා වළ දැමූ සිද්ධියේ තොරතුරු රැසක් එළියට-ප්‍රධාන සැකකරු ඇතුළු 3ක් මාට්ටු
බෙර වාදක දුෂ්මන්තව මරා වළ දැමූ සිද්ධියේ තොරතුරු රැසක් එළියට-ප්‍රධාන සැකකරු ඇතුළු 3ක් මාට්ටු
Mobitel 1278

බෙර වාදන ශිල්පියෙකු ලෙස කටයුතු කළ දුෂ්මන්ත සඳරුවන් මහනුවර මුරුතලාව ප්‍රදේශයේ පිහිටි සිය නිවසෙන් ඉකුත් නොවැම්බර්  22වැනිදා පස්වරුවේ පිටත්ව ගොස් ඇත්තේ කඨින පිංකමකට සහභාගී වීම සඳහා කැස්බෑව ප්‍රදේශයේ සිටින මංජු නැමැති මිතුරෙකු හමුවීමට යන බවට තම බිරිඳට පවසමිනි.    

පසුදා පස්වරුව වනවිටත් සැමියාගෙන් තොරතුරක් නොමැතිවීම හේතුවෙන් ඔහුගේ බිරිඳ පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත ඉකුත් 23 වැනිදා පස්වරුවේ පැමිණිල්ලක් සිදුකර තිබුණි.

අනතුරුව ඇය කැස්බෑව ප්‍රදේශයට ගොස් මංජු නැමැති සිය සැමියාගේ මිතුරා හමුවී සැමියා පිළිබඳ තොරතුරු විමසීමේදී ඔහු පවසා ඇත්තේ ඇයගේ සැමියා එහි නොපැමිණි බවයි.

අනතුරුව ඉකුත් 26 වැනිදා ඇය කැස්බෑව පොලීසියටද සිය සැමියාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණි.

එම පැමිණිල්ලට අනුව මංජු නැමැත්තා සහ තවත් පුද්ලයින් කිහිප දෙනෙකු කැස්බෑව පොලිස් ස්ථානය වෙත කැඳවා කටඋත්තර ලබාගෙන තිබුණද දුෂ්මන්ත පිළිබඳ කිසිඳු හෝඩුවාවක් හමුවී නොමැත.

ඒ අතරතුර දුෂ්මන්තගේ බිරිඳට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබුණේ රුපියල් 120,000ක මුදලක් ගිණුම්ගත කළහොත් දුෂ්මන්තව නිදහස් කරන බව පවසමිනි.

දුෂ්මන්ත අතුරුදන්ව දින 6ක් ගතවීමෙන් පසු ඊයේ(28) රාත්‍රීයේ කැස්බෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ගමගේ මහතාට පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබුණි.

ඔත්තුකරු පවසා ඇත්තේ අතුරුදන්වූ දුෂ්මන්ත මංජු නැමැත්තා සහ ඔහුගේ මිතුරන් පිරිසක් විසින් ඝාතකය කර ඇති බවටයි.

සිය බිරිඳට පැවසූ පරිදිම මංජුගේ නිවසට පැමිණි දුෂ්මන්ත ඉන්පසු හෙරළියාවල ප්‍රෙද්ශයේ පිහිටි දේවාලයක පිටුපස කාමරයකට රැගෙන ගොස් එහිදී පොලුමුගුරුවලින් පහරදී ඝාතනය කර ඇති බවද ඔත්තුකරු පවසා තිබුණි.

ඔහු වැඩිදුරටත් හෙළිකර ඇත්තේ අලවංගුවක් ආධාරයෙන් අස්ථි බිඳ දුෂ්මන්තගේ සිරුර බෑගයක් තුළ දමා ඝාතනය කළ ස්ථානයට මීටර් 500ක් පමණ දුරින් වූ ඇල ඉවුරට ගෙන ගොස් එහි වළදමා ඇති බවයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ කැස්බෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කළ අතර එහිදී දුෂ්මන්ත සිය යතුරුපැදියෙන් මංජුගේ නිවස දෙසට ගමන් කරන CCTV දර්ශන සොයාගනු ලැබීය.

අනතුරුව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන මංජු සහ තවත් අයෙක් කහපොළ ප්‍රදේශයේදීත්, දේවාලය භාර කපුවා හෙරළියාවල ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගැනුණි.

දුෂ්මන්ත පැමිණි යතුරුපැදිය සහ ඔහුගේ ගමන්මල්ලද සඟවා තිබියදී සොයාගැනුණු අතර ඝාතනයෙන් අනතුරුව යතුරුපැදිය සැඟවීම සඳහා රැගෙන ගොස් තිබේ.

ඝාතනය සිදුකරන ආකාරය දෙවැනි සැකකරු විසින් සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර පසුව මකාදමා ඇති අතර එම ජංගම දුරකථනයද රජයේ රස පරීක්ෂකවරය‍ෙ වෙත ඉදිරිපත්කිරීමට නියමිතයි.

ඝාතනයට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර දුෂ්මන්තගේ සිරුරද අද(29) ගොඩගැනීමට නියමිතව ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ගමගේ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

''JVP තමයි උද්ඝෝෂණවල පියා'' - ''ජනපතිට, අගමැතිට, 159යටම අමතක වීමේ ලෙඩේ හැදිලා'' | Ada Derana

''JVP තමයි උද්ඝෝෂණවල පියා'' - ''ජනපතිට, අගමැතිට, 159යටම අමතක වීමේ ලෙඩේ හැදිලා'' | Ada Derana

උතුරේ තැන තැන කෙරෙන මහ විරු සැමරුම් පාර්ලිමේන්තුවෙන් එළියට පනියි - ''මෙහෙ සිංහයෝ එහේ බලු වෙලා''

උතුරේ තැන තැන කෙරෙන මහ විරු සැමරුම් පාර්ලිමේන්තුවෙන් එළියට පනියි - ''මෙහෙ සිංහයෝ එහේ බලු වෙලා''

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන් | Ada Derana

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන් | Ada Derana

එළැඹෙන සඳුදා රටේම වැඩ නවතියිද? - කට්ටියක් යයි.... කට්ටියක් නොයයි - පාසල් වාර විභාගත් කොට උඩද?

එළැඹෙන සඳුදා රටේම වැඩ නවතියිද? - කට්ටියක් යයි.... කට්ටියක් නොයයි - පාසල් වාර විභාගත් කොට උඩද?

S&P Global මෙරට ණය ශ්‍රේණිය 'B' දක්වා ඉහළ නංවයි - ''ඒක ශ්‍රී ලංකාව ලබාගෙන තියෙන විශාල ජයග්‍රහණයක්''

S&P Global මෙරට ණය ශ්‍රේණිය 'B' දක්වා ඉහළ නංවයි - ''ඒක ශ්‍රී ලංකාව ලබාගෙන තියෙන විශාල ජයග්‍රහණයක්''

කුසල්ගේ ඡායාරූපයක් SSC ක්‍රීඩා සමාජයේදී  නිරාවරණය කරයි | Ada Derana

කුසල්ගේ ඡායාරූපයක් SSC ක්‍රීඩා සමාජයේදී නිරාවරණය කරයි | Ada Derana

පොඩි වැස්සටත් ලොකුවට යටවෙන ගාල්ලේ පාරවල් | Ada Derana

පොඩි වැස්සටත් ලොකුවට යටවෙන ගාල්ලේ පාරවල් | Ada Derana

පඩි මදි කියන අයට හඳුන්නෙත්ති දීපු උත්තරේ..."අපි වැටුප් නොලබා වැඩ කරනවා..." | Ada Derana

පඩි මදි කියන අයට හඳුන්නෙත්ති දීපු උත්තරේ..."අපි වැටුප් නොලබා වැඩ කරනවා..." | Ada Derana

''රෑට පොඩි අඩියක් ගැහුවට පස්සේ කියෙව්වේ රනිල්ගේ පොතද?'' | Ada Derana

''රෑට පොඩි අඩියක් ගැහුවට පස්සේ කියෙව්වේ රනිල්ගේ පොතද?'' | Ada Derana

 ''බඩගින්නට පඩි වැඩි කරලා ඉල්ලන්නේ.. තුන්වේල කන්න නෑ''

''බඩගින්නට පඩි වැඩි කරලා ඉල්ලන්නේ.. තුන්වේල කන්න නෑ''

 වී වගාව අඩු කරන්න ලාල් කළ යෝජනාවට ගොවි සංගම්වල රතු කට්ට පනී

වී වගාව අඩු කරන්න ලාල් කළ යෝජනාවට ගොවි සංගම්වල රතු කට්ට පනී

චීන පිට්ටනියෙන් හමුවූ මළසිරුරේ තොරතුරු රැසක් එළියට - වැඩතහනම් ලුතිතන් කර්නල්වරයෙක් | Ada Derana

චීන පිට්ටනියෙන් හමුවූ මළසිරුරේ තොරතුරු රැසක් එළියට - වැඩතහනම් ලුතිතන් කර්නල්වරයෙක් | Ada Derana

ජනපතිගේ ප්‍රකාශයෙන් පසු වෘත්තීය සමිති කඩිගුල ඇවිස්සෙයි - ''සොරි ඔයගොල්ලන්ට''| Ada Derana

ජනපතිගේ ප්‍රකාශයෙන් පසු වෘත්තීය සමිති කඩිගුල ඇවිස්සෙයි - ''සොරි ඔයගොල්ලන්ට''| Ada Derana

කරුණු සලකා බැලූ සලේගේ පෙත්සම - නියෝගය ජන. 28 | Ada Derana

කරුණු සලකා බැලූ සලේගේ පෙත්සම - නියෝගය ජන. 28 | Ada Derana

අදත් උදෙන්ම උණුසුම් වූ පාර්ලිමේන්තුව... සජිත් - කථානායක පැටලෙයි | Ada Derana

අදත් උදෙන්ම උණුසුම් වූ පාර්ලිමේන්තුව... සජිත් - කථානායක පැටලෙයි | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 මාර්ග අනතුරුවලින් 2,463ක් මරුට

මාර්ග අනතුරුවලින් 2,463ක් මරුට

 රාජ්‍ය සේවා වැඩ වර්ජනය හෙට

රාජ්‍ය සේවා වැඩ වර්ජනය හෙට

 අලුතෙන් එච්.අයි.වී අසාදිත මිලියන 1.2ක්

අලුතෙන් එච්.අයි.වී අසාදිත මිලියන 1.2ක්

 දිට්වාට බිලියන 102ක ඇස්තමේන්තුවක්

දිට්වාට බිලියන 102ක ඇස්තමේන්තුවක්

 යුද සමයේ සිද්ධි : ජිනීවා නුවරින් ලංකාවට රතු එළියක්

යුද සමයේ සිද්ධි : ජිනීවා නුවරින් ලංකාවට රතු එළියක්

 හෘද සැත්කම් වලට 11,000ක පෝලිමක්|

හෘද සැත්කම් වලට 11,000ක පෝලිමක්|

දෙසැම්බරයෙත් උද්ධමනය 7% පැන්නුවොත් මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක්

දෙසැම්බරයෙත් උද්ධමනය 7% පැන්නුවොත් මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක්

 ශ්‍රී ලංකාව ස්ථාවරයි 'B' ශ්‍රේණිය දක්වා ඉහළට

ශ්‍රී ලංකාව ස්ථාවරයි 'B' ශ්‍රේණිය දක්වා ඉහළට

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

 ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

 T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

 පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය