
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මත පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සැරයන්වරයෙකු ඊයේ (28) රාත්‍රියේ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම විමර්ශනය ආරම්භ වී ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 10ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරු මතය.
එම සැකකරුගේ ජංගම දුරකථනයේ 'STF' ලෙස ‘SAVE’කර තිබූ දුරකථන අංකයක් හඳුනාගෙන ඇති අතර, එම අංකය හිමි නිලධාරියා තමන්ට මුදලට හෙරොයින් ලබා දෙන බව ඔහු පවසා තිබේ.
ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයා මාර්ගයෙන් සැකකාර සැරයන්වරයාට දුරකථන ඇමතුමක් ලබා දී, ලබා දුන් හෙරොයින් තොගයට අදාළ මුදල් ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන ඇත.
එම ඇමතුමට අනුව සැකකරු මුදල් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර සැරයන්වරයා සිය රාජකාරි වේලාවන් තුළදී පවා මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එමෙන්ම, විවිධ වැටලීම්වලදී හමුවන හෙරොයින් තොග ඔහු මෙලෙස ජාවාරම් කර ඇති බවට ද තොරතුරු වාර්තා වේ.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ සහ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂවරයා ඇතුළු ස්ථානාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (29) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



















































