
ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ 103 වන වාර්ෂික නිලවරණය හා සංවත්සරය ඊයේ (27) පැවැත්විණි.
එහිදී ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ පළමුවරට සභාපති ලෙස නුවන් ඉලංගසිංහ මහතා නිලවරණයෙන් තේරී පත්විය.
එමෙන්ම එම සංගමයේ ප්රධාන ලේකම් ලෙස කසුන් චාමර ජයසේකර මහතා යළිත් වරක් තේරී පත්වූ අතර භාණ්ඩාගාරික ලෙස සතිස්කුමාර් මහතා තේරී පත්ව තිබේ.
මෙවර නිලවරණය සඳහා වසර 06 ක් අඛණ්ඩව සභාපති තනතුර දැරූ සුමේධ සෝමරත්න මහතා ඉදිරිපත් නොවීමද විශේෂත්වයකි.























































