
ජාතික කලා භවන මහජනතාව වෙත යළි විවෘත කිරීමේ අරමුණින් එහි නවීකරණ කටයුතු සිදු කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ සඳහා විශේෂ ශ්‍රම මෙහෙයුමක් අද (28) පැවැති අතර ඊට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, දෘශ්‍ය කලා අනුමණ්ඩලයේ සභාපති ප්‍රගීත් රත්නායක, ප්‍රවීණ චිත්‍ර ශිල්පී විනී හෙට්ටිගොඩ, ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්.එච්. සරත්, ඡායාරූප ශිල්පී සරත් පෙරේරා, සංජීව කුමාර, වජිර ගුණවර්ධන, පුලස්ති එදිරිවීර යන මහත්වරුන් ඇතුළු මෙරට ප්‍රවීණ කලා ශිල්පීහු රැසක් ද එක්ව සිටියහ.
දශක ගණනාවක් පුරා මෙරට කලාකරුවන්ගේ නිර්මාණ සහ හැඟීම්වලට සෙවණ සැලසූ ජාතික කලා භවන, දිගු කලක් වසා තැබීම දෘශ්‍ය කලා ක්ෂේත්රයට මෙන්ම කලා රසික ජනතාවට ද විශාල අඩුවක් වූ බව සඳහන්ය.
එහෙත් ඒ නිහඬතාවට තිත තබමින්, අපේ කලා උරුමයේ අභිමානය යළිත් ජනතාව අතරට ගෙන ඒමේ සුබවාදී පියවර මේ වන විට ආරම්භවී තිබේ.



















































