
නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මිරිස්ස වෙරළ ප්‍රදේශයේදී සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන මළු 10කට වැඩි ප්‍රමාණයක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.
අද (28) දින මිරිස්ස පොල්අතුමෝදර වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් ලබා දී තිබූ බුද්ධි තොරතුරක් මත නාවික වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ නාවික හමුදාව එක්ව මෙහෙයුමක් දියත් කර තිබුණි.
එහිදී මෙම මත්ද්‍රව්‍ය තොගය තොගය සිය භාරයට ගෙන ඇති අතර ඒ සමගම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගන්නා ලද වාහන දෙකක්ද සිය භාරයට ගෙන තිබේ.
එමෙන්ම සිද්ධිය සම්බන්ධව කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇති බවද නාවික හමුදාව සඳහන් කළේය.



















































