
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මිරිස්ස වෙරළ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන ගමන් මලු තොගයක් සිය භාරයට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, මාතර මිරිස්ස තල්අරඹ වෙරළ ප්‍රදේශයේ අද (28) දින මෙම මෙහෙයුම සිදුකර තිබුණි.
ඒ අනුව මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන ගමන් මලු තොගය සිය භාරයට ගෙන ඇති අතර ඒ සමගම ප්‍රවාහනයට යොදා ගන්නා ලද ඩිංගි යාත්‍රාවක්ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.



















































