
ඇෆ්ගනිස්ථානයේ පාසලක් අසල සිදුවූ පිපිරීමකින් සිසුන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එමෙන්ම සිද්ධියෙන් තවත් පුද්ගලයින් 110 දෙනෙකු තුවාල ලබා ඇති ඇති බවද සඳහන් වේ.
ඇෆ්ගනිස්ථානයේ කුනාර් පළාතේ අගනුවර වන අසාදාබාද් හී ඇන්ඩර්සෙයාර් ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති බවද වාර්තා වේ.
පාසල අසල ඇති පතල් සමාගම්වලට අයත් පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක සිදුවූ පිපිරීමක් හේතුවෙන් මෙම තත්ත්වය සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.



















































