
ඉන්දුනීසියාවේ බොගෝර් ප්‍රදේශයේ පිහිටි නීතිවිරෝධී රන් පතලක් ජලයෙන් යටවීමෙන් එහි සිටි පුද්ගලයින් 13දෙනෙකු මියගොස් තිබේ.
තවත් පුද්ගලයින් 13 දෙනෙකු පතල තුල සිරවී ඇති අතර ඔවුන් මුදා ගැනීම සඳහා මුදාගැනීමේ කණ්ඩායම් දැඩි උත්සහයක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇඳහැලුණු අධික වර්ෂාවත් සමඟ රන් පතල තුලට ජලය ගලාඒම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වෙයි.
ජලය පතල තුලට ගලාඑන අවස්ථාවේ එහි සිටි කම්කරුවන් කිහිප දෙනෙකු දිවිබේරා ගෙන තිබේ.










































