
සංවිධානාත්මක අපරාධ කණ්ඩායමකට ටී 56 ගිනිඅවියක් සහ ජීව පතොරොම් 30ක් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රතු වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව පොලිස් කොස්තාපල්වරයා වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ.
පසුගියදා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන ආ 26 හැවිරිදි මෙම සැකකරු අද (26) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිය භාරයට ගන්නා ලදී.
මොහු 2025 වසරේ පෙබරවාරි මස 08 වැනිදා අදාළ ගිනිඅවිය සහ ජීව පතොරොම් අලෙවි කර මෙරටින් පළා ගොස් තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබයි.










































