
රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර භාරයේ පසුවූ, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පුද්ගලයින් එකොළොස් දෙනෙකු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි අද (26) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය රැගෙන ආවේය.
ඒ අනුරාධපුර රැවන්වැලි සෑය අසන අධිකරණ නියෝග නොතකමින් මාරාන්තික උපවාසයක නිරතව සිටිය දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කස්සප හිමි ඇතුළු 11දෙනා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළ නියෝගය අනුවය.
පසුගිය නොවැම්බර් 12 වැනිදා කස්සප හිමි ඇතුළු පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.










































