
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති ප්රතිශෝධන පෙත්සමක තීන්දුව එළඹෙන පෙබරවාරි මස 19 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කර තිබේ.
2023 වසරේදී වැල්ලවත්ත පොලිස් වසම තුළ අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධියකට අදාළව ගොනුකර ඇති නඩුවකදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයක් ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා ඒ මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ මහතා ඉදිරියේ අද (26) මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සිදු විය.
දෙපාර්ශ්වයේ කරුණු විභාග කිරීම අවසන් වීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙලෙස තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා දින නියම කළේය.










































