
"ප්‍රජා ශක්ති - දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය 2026" ජනපති සංකල්පය යටතේ, කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් ලක්ෂ 49ක් වටිනා භාණ්ඩ හා යන්ත්‍ර සූත්‍ර නොමිලේ බෙදා දීම සිදු කෙරිණි.
මෙම වැඩසටහන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කොටපොළ සම්බන්ධීකරණ කමිටු සභාපති ලාල් ප්‍රේමනාත් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරි වසම් රැසක ස්වයං රැකියාලාභීන්ට, ලියාපදිංචි සමිතිවලට සහ අස්වැසුම ප්‍රතිලාභීන්ට මෙමගින් සෙත සැලසිණි.
මහණ මැෂින්, සෙවන දැල් සහ ඉදල් නිෂ්පාදන උපකරණ ඇතුළු යන්ත්‍ර සූත්‍ර මේ යටතේ බෙදා දී තිබේ.










































