
ජාතික ජනබලවේගයේ බලය හිමි කොලොන්න ප්‍රාදේශිය සභාවේ 2027 වර්ෂය සඳහා වන අයවැය ජාතික ජනබලවේගය පරාජයට පත් වී තිබේ.
ඒ පක්ෂව ඡන්ද 9ක් සහ විපක්ෂව ඡන්ද 10ක් වශයෙනි.
කොලොන්න ප්‍රාදේශිය සභාවේ 2027 වර්ෂය සඳහා වන අයවැය අද පළමු වරට සභාවට ඉදිරිපත්කරනු ලැබුවේ මාලිමාවට බලය හිමි ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
2026 වර්ෂයේ අයවැයද ජාතික ජනබලවේගය පරාජයට පත්විය.
කොලොන්න ප්‍රදේශිය සභාව විපක්ෂයට ආසන 10ක් සහ ආණඩු පක්ෂයට ආසන 9ක් වශයෙන් පවතී.
කෙසේ හෝ සභාපතිවරයා පත්කිරීමේ රහස් ඡන්දයෙන් වැඩි ඡන්ද ලබාගනිමින් අඩු ආසන සංඛ්‍යාවක් දිනාගත් ජාතික ජනබලවේගයෙන් සභාපතිවරයා තේරී පත්විය.








































