
යාපනය මහ නගර සභා සීමාවට අයත් යාපනය ප්රධාන මාර්ගයේ පිහිටි ආපනශාලාවක් මහ නගර සභාවේ අනුමැතියකින් තොරව මාර්ග සීමාව තුළ සිදුකර තිබූ ඉදිකිරීම් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවකදී, අදාළ අනවසර ඉදිකිරීම ඉවත් කරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබුණි.
අධිකරණ නියෝගයට අනුව, පොලීසිය ඉදිරිපිටදී නාගරික ප්රධාන ඉංජිනේරුවරයාගේ ප්රධානත්වයෙන් නගර සභා නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ මාර්ග සීමාවේ ඉදිකර තිබූ එම අනවසර ඉදිකිරීම ඊයේ (25) ඉවත් කිරීමට කටයුතු කළේය.
කෙසේ වෙතත්, මෙම ඉවත්කිරීමේ ක්රියාවලිය අතරතුර අදාළ අවසන්හල් හිමිකරු සහ නගර සභා බලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබුණි.
මෙම අනවසර ඉදිකිරීම ඉවත් කිරීමේ කටයුතු මහ නගර සභාව විසින් සිදුකරමින් පැවති අවස්ථාවේදී, එම ඉදිකිරීමට සම්බන්ධව ප්රධාන මාර්ගයේ වැසි ජලය බැස යන කාණු පද්ධතිය ද අනවසරයෙන් අවහිර කර ඇති බවට නගරාධිපතිනී වී. මදිවදනී මහත්මිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.
එම පැමිණිල්ලට අනුව අදාළ ප්රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ නගරාධිපතිනිය, ජලය බැස යාමට බාධාවන අයුරින් පැවති අවහිරතා වහාම ඉවත් කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණි.










































