
සෞදි අරාබියේ විශාලතම තෙල් පිරිපහදුව වන 'රාස් තනුරා' (Ras Tanura) වෙත තමන් ප්‍රහාරයක් එල්ල කළ බව යේමනයේ හූති කැරලිකරුවන් ප්‍රකාශ කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
මෙම ප්‍රහාරය හේතුවෙන් මැදපෙරදිග කලාපයේ ඉන්ධන සැපයුමට බාධා ඇති විය හැකි බවට හටගත් බියත් සමඟ බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 94.61 දක්වා 3.5%කින්ද, අමෙරිකානු WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.68 දක්වා 2%කින්ද ඉහළ ගියේය.
හූති සංවිධානය පවසන්නේ සවුදියේ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන මෙම පිරිපහදුවට මෙන්ම රියාද් හි මූල්‍ය කලාපයටද තමන් ප්‍රහාර එල්ල කළ බවයි.










































