
ශ්රී පුර පොලිස් වසමේ මීඔය වැලිඇල ඇනිකට් අසළ දියනාමින් සිටි තරුණයෙකු දියේගිලී අතුරුදන්ව ඇති බවට ශ්රී පුර පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
ඊයේ(25) මෙලෙස අතුරුදන් වී ඇත්තේ අවුරුදු 18ක් වූ යාය 12 ප්රදේශයේ පදිංචිකරුවෙකි.
තුරුදන් වූ තරුණයා තවත් පිරිසක් සමග දිය නාමින් සිටියදී මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේ දී අනාවරණය වී ඇත.
අතුරුදන් වූ තරුණයා සොයා ප්රදේශවාසීන් හා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමේ සහය ඇතිව සෝදිසි මෙහෙයුම් සිදු කරන අතර ශ්රී පුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.










































