
රුසියානු සමූහාණ්ඩුවේ අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් (Alexander Gutsan) මහතා ඇතුළු දූත පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
මොස්කව් නුවර සිට රුසියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ(26) රාත්රී ඔහු කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි බව අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේය.
ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් සමග 21 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද දිවයිනට පැමිණ තිබේ.
ඔහු වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපල වෙත දැඩි ආරක්ෂාව ද යොදවා තිබු බව අද දෙරණ ගුවන්තොටුපොල වාර්තාකරු පැවසුවේය.
දිවයිනට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ අභිචෝධක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා පිළිගැනීම සඳහා ශ්රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යන් සහ ශ්රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ ප්රධානින් ගුවන්තොටුපොල වෙත පැමිණ සිටි බව සඳහන් වෙයි.
රුසියානු සමූහාණ්ඩුවේ අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතාගේ පළමු ශ්රී ලංකා සංචාරය මෙය වන අතර මෙම සංචාරයේ දී ඔහු නීතිපති පාරින්ද රණසිංහ මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
දෙරට අතර නීති ක්ෂේත්රයේ පවතින සබඳතා ශක්තිමත් කරගැනීම මෙම සංචාරයේ අරමුණ බව වාර්තා වෙයි.










































