
අද (25) පස්වරුවේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් අකුරණ ප්‍රදේශයෙන් ජලයෙන් යටවූ 'A9' ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත්වී ඇත.
මෙම වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ මාර්ග රැසක්ද ජලයෙන් යටවීම නිසා එම ප්‍රදේශවල ගමනාගමන කටයුතුවලට බාධා එල්ල විය.
මේ අතර අධික වර්ෂාව හේතුවෙන් මහනුවර පේරාදෙණිය - පැණිදෙනිය මාර්ගය මෙන්ම උඩුනුවර දව්ලගල සහ යාලේගොඩ යන මාර්ගද ජලයෙන් යටවිය.
මේ අතර හෙට (26) දිනයේද උතුර, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප.ව. 1 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
තවද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.










































