header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ගෝඨාභය රාජපක්ෂගේ විදෙස්ගමන් තහනම පිළිබඳ නියෝගය - සම්පූර්ණ විස්තරය
ගෝඨාභය රාජපක්ෂගේ විදෙස්ගමන් තහනම පිළිබඳ නියෝගය - සම්පූර්ණ විස්තරය
Mobitel 1278

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාළව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත්කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ ඉල්ලීම කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) ප්‍රතික්ෂේප කළේය.

එහිදී අධිකරණයට කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බව තම මතය බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම පිළිබඳ විමර්ශන නිලධාරීන් තීරණය කළ යුතු බවත්ය.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු වසන් කිරීම සහ විමර්ශන නොමඟයැවීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව පවතින නීති කෘත්‍යය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවිණි.

එහිදී එම නඩුවට අදාළව අධිකරණය තමන්ට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත්කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කර තිබූ ඉල්ලීමට අදාළ නියෝගය කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ප්‍රකාශයට පත්කළේය.

"ඉල්ලුම්කරු සිය මෝසම තුළ සඳහන් කර ඇත්තේ 2019 වසරේ තමන්ට සිදුකළ බයිපාස් සැත්කමට පසු වාර්ෂිකව සිදුකරන වෛද්‍යමය සමාලෝචනය සඳහා අදාළ සැත්කම සිදුකළ වෛද්‍යවරයා සිංගප්පූරුවේ රැඳී සිටින නොවැම්බර් 28 සිට දෙසැම්බර් 8 දක්වා වූ කාලයේ විදේශගතවෙන්න අවසර දෙන්න කියලා. 

ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියාසිටියා මේ ඉල්ලුම්කරු යළි නොපැමිණියහොත් විමර්ශනවලට බලවත් අගතියක් සහ විශාල මහජන කැලඹීමක් වෙන්න පුළුවන් කියලා.

එබැවින් මෙම ඉල්ලුම්කරු මෙතෙක් සැකකරුවෙකු ලෙස නම්කිරීමක් සිදුවී නොමැති බැවින් නැවත නඩුවට ගෙන්වාගැනීම තහවුරු කරගැනීමේ ක්‍රමවේදයක් නොමැතිනම් මේ විදෙස්ගමන් තහනම ඉවත්කිරීමට පැමිණිල්ල විරුද්ධ වුණා.

මේ කරුණු සලකාබලද්දි මේ ඉල්ලුම්කරු සැකකරුවෙකු ලෙස නම්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැමිණිල්ලේ ස්ථාවරය අධිකරණයට දැනුම් දී නැහැ. එබැවින් සැකකරුවෙකු ලෙස නම්නොකර විදේශ ගමන් තහනමක් ඉවත් කරනවානම් කොන්දේසි පැනවීමක් කරන්න බැහැ.මේ නඩුව මිනිස් ජීවිත 270කට වැඩි ප්‍රමාණයක් ඝාතනයට ලක්වීම පිළිබඳ සංවේදී නඩුවක්.

ඒ වගේම තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව මේ ඉල්ලුම්කරු අභියාචනාධිකරණය හමුවේ පැවරූ රිට් පෙත්සම ප්‍රතික්ෂේප වූ පසු ඔහු කළ අභියාචනය මේ වෙද්දිත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විනිශ්චයට ලක්වෙමින් තිබෙනවා. එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයට ලක්වෙමින් තිබෙන නඩුකරයකට මහේස්ත්‍රාත් අධිකරණයට මැදිහත්විය නොහැකියි.

ඒ අනුව මේ සියලු කරුණු සලකා බලා විදේශ ගමන් තහනම ඉවත්කරන ලෙස ඉල්ලුම්කාර ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා".

අනතුරුව සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ, සැකකාර සුරේෂ් සලේ රැඳවුම් භාරයේ සිටියදී වධහිංසාවට ලක්ව ඇත්දැයි සොයාබැලීමට අධිකරණ පත්කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ වාර්තාව මේ වනවිට අධිකරණයට ලැබී ඇති බවය.

"ස්වාමිනි, ලංකා ඉතිහාසයේ විශාලතම අධිකරණ වෛද්‍ය වාර්තාව විදිහට මේ වාර්තාව පිටු 311ක්. මේක කියවන්නම මට පැය 8ක් ගියා. මීට කලින් මැරෙන්න යනවා කියලා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරපු නිසයි පැමිණිල්ලේ ඉල්ලීම මත අධිකරණය විසින් මෙම වෛද්‍ය මණ්ඩලය පත්කළේ.

මීට කලින් අධිකරණයට ඇවිල්ලා කිව්වේ මේ සැකකාර සලේට පත්තර කොලයක දාලා බතුයි, ගෝවායි කන්න දෙන්නේ කියලා. නමුත් එහෙම සැලකීමක් ගැන මේ වෛද්‍ය මණ්ඩලයට ඔහු කිසිවක් කියලා නැහැ. කිසිම තැනක නැහැ කෘෘරත්වයට, වධහිංසාවට ලක්වුණා කියලා. තියෙන්නේ මානසික ආතතියට ලක්වෙලා කියලා විතරයි.

ඕනෑම අපරාධකාරයෙක් අත්අඩංගුවට පත්වුණාට පස්සේ මානසික ආතතියට ලක්වෙනවා. මොහු පිටු 95ක ප්‍රකාශයක් දීලා අවුරුදු 37ක යුධ හමුදා දිවිය ගැන සියල්ල කියලා තියෙනවා. නමුත් ඔහුට අදටත් ලැප්ටොප් එකේ මුරපදය මතක නැහැ. මේ සියල්ල අධිකරණයේ අනුකම්පාව ගන්න කරපු නිර්මාණයන්. ඕකයි මම කිව්වේ මේ අය ඔස්කා සම්මානයෙන් දමලා ගහන්න ඕන චරිත කියලා".

මෙහිදී සැකකාර සුරේෂ් සලේ සහ චැනල් 4 නාලිකාව විසින් පාස්කු ප්‍රහාරයට අදාළව විකාශය කළ වැඩසටහනේ සම්මූඛ සාකච්ඡාව ලබාදුන් අසාද් මව්ලානා අතර පැවති සම්බන්ධතාවය සම්බන්ධයෙන්ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කරුණු අනාවරණය කළේය.

"ස්වාමිනි පසුගියදා අපි අහුංගල්ල රිච් හෝටලය පරික්ෂාවට ලක්කළා. 2020 වසරේ අගෝස්තු 15 සහ 16 මේ සැකකාර සුරේෂ් සලේ සහ අසාද් මව්ලානා කියන තැනැත්තන් පවුල් පිටින් එම හෝටලයේ නවාතැන්ගෙන සිටි බව අනාවරණය වුණා.

මේ සැකකාර සලේගෙන් මුලින්ම ඒ ගැන අහපුවාම කිව්වේ ඒක අහම්බයක් කියලා. නමුත් අපි දුරකථන සංවාද වාර්තා ඔස්සේ ඒ ගැන ප්‍රශ්න කරද්දි ඔහුගේ ස්ථාවරය වෙනස් වුණා. මේ කියන අගෝස්තු 15 වැනිදාට පෙර, 16 වැනිදාට පසු සලේ සහ අසාද් මව්ලානා අතර දුරකථන සංවාද වාර්තා තියෙනවා. නමුත් අගෝස්තු 15 සහ 16 කියන දවස් දෙකේ විතරයි දුරකථන සංවාද වාර්තා නැත්තේ. මොකද ඉතිං, එදා හමුවෙලාම කතා කරපු නිසා. පරිවේශණිය සාක්ෂිවලින් පෙනීයනවා අසාද් මව්ලානා කියන කථාවේ සත්‍යතාවයක් තියෙන බව.

ඒ වගේම යුද්ධ හමුදා බුද්ධි අංශයට තොරතුරු සපයපු තම්බි අන්නා නැමැත්තෙකු මේ පාස්කු ප්‍රහාරයට මාස 06කට පෙර සහරාන් පිළිබඳ තොරතුරු සපයා තිබෙනවා.

නමුත් මේ සලේගේ අනුදැනුම මත එම ගොනුව වසන්කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් ගැනත් මේ වෙද්දි විමර්ශනයේ අවධානය යොමුවී තිබෙනවා."

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සිය කරුණු දැක්වීම් අතරතුරු අදහස් දැක්වීය.

"අධිකරණය පසුගිය සතියේ මගෙන් ප්‍රශ්න කළා මේ ගෝඨාභය රාජපක්ෂ සැකකරුවෙක් ලෙස නම්කිරීම පිළිබඳව. මගේ මතය අනුව ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා. නමුත් අත්අඩංගුවට ගැනීම තීරණය කළ යුත්තේ විමර්ශන නිලධාරින්"

අනතුරුව සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් නීතිඥ භානුක මලවිආරච්චි මහතා කරුණු දැක්වීය.

"ස්වාමිනි, අධිකරණයට ඉදිරිපත්වෙලා තියෙන පංච පුද්ගල වෛද්‍ය වාර්තාවේ තියෙනවා කලිසම පාත්කරලා නින්දිත ආකාරයෙන් මගේ සේවාදායකයා පරික්ෂාවට ලක්කළා කියලා. එම වාර්තාවට ඇමිණුමක් ලෙස එක්කර තිබෙන මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්තාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුම කියලා තියෙනවා මගේ සේවාදායකයා ඒ කියන ආකාරයේ පරීක්ෂාවකට ලක්කළා කියලා.

ඒ වගේම පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය හතරවැනි නිර්දේශය ලෙස කියලා තියෙන්නේ රඳවාගැනීමේ කාලසීමාව තුළ සිදුවුණා යැයි කියන වධහිංසාව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනයක් කරන්න කියලා. අපි විමර්ශනය ප්‍රමාද කරනවා කියලා පැමිණිල්ල කරුණු දැක්වුවාට ස්වාමිනි, පසුගිය සති 03ටම මගේ සේවාදායකයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තියෙන්නේ 03න් වරක් විතරයි".

ඒ අනුව දෙපාර්ශවයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා, විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා නඩුව ලබන වසරේ ජනවාරි 27 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලූ පෙත්සමක් ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 05 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.

ඒ අදාළ පෙත්සම මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර සහ සම්පත් විජයරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදීය.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 "මුඛයේ තුවාලයට අධෝමුඛයේ බෙහෙත් තිබ්බා වගේ..." ඇමති පෝල්රාජ්ගේ කුලය ගැන කතාවට හතරවටින් දොස්

"මුඛයේ තුවාලයට අධෝමුඛයේ බෙහෙත් තිබ්බා වගේ..." ඇමති පෝල්රාජ්ගේ කුලය ගැන කතාවට හතරවටින් දොස්

 30ට සැරසෙන වෘත්තිය සමිති අද ආණ්ඩුවට පෙන්නපු රතු එළි...

30ට සැරසෙන වෘත්තිය සමිති අද ආණ්ඩුවට පෙන්නපු රතු එළි...

වාසු අල්ලස් කොමිසමට

වාසු අල්ලස් කොමිසමට

සිනහාමුසු මුහුණින් කොටුව අධිකරණයට ආ ජොන්ස්ටන්

සිනහාමුසු මුහුණින් කොටුව අධිකරණයට ආ ජොන්ස්ටන්

ස්කූටියේ ආ කතට දිවි අහිමි කළ මාරක බස් අනතුර...

ස්කූටියේ ආ කතට දිවි අහිමි කළ මාරක බස් අනතුර...

 සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

Mobitel 1278
Lassana Flora

Spotlight

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ඉල් පොහොය අදයි  | Ada Derana

ඉල් පොහොය අදයි | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

පාතාල මර්දන රාජකාරියට යද්දී මිදිගමදී ජීප් රිය දුම්රියක ගැටී STF 4කට තුවාල - දෙදෙනකුට බරපතළයි

පාතාල මර්දන රාජකාරියට යද්දී මිදිගමදී ජීප් රිය දුම්රියක ගැටී STF 4කට තුවාල - දෙදෙනකුට බරපතළයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු