
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල දීමනා වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා දෙසැම්බර් මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පසුගිය 16 වැනිදා අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත මහතා නොවැම්බර් මස 17 වැනිදා අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (25) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
ඒ අනුව අදාළ නීති කෘත්‍ය අද යළි කැඳවූ අතර ආනන්ද පාලිත මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට
අද පෙරවරුවේ රැගෙන ආ අතර එහිදී යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.
2015 සිට 2019 වසර දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙකුව සිටියදී අතිකාල දීමනා රුපියල් තිස් එක් ලක්ෂ එකොළොස් දහසක් වංචා කොට ඇති බවට ඔහුට චෝදනා එල්ලවී ඇත.










































