
චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුමකට විදේශීය ගගනගාමියෙකු සහභාගී වන පළමු අවස්ථාව සනිටුහන් කරමින් Shenzhou-24 මෙහෙයුම ඇරඹෙයි.
එම යානය රැගත් Long March 2F Y24 වාහක රොකට්ටුව අද(25) බෙයිජිං වේලාවෙන් පෙරවරු 8.18ට චීනයේ Jiuquan චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශගත කෙරිණ.
එහිදී විනාඩි 10කට පමණ පසු යානය රොකට්ටුවෙන් වෙන් වී එහි නියමිත කක්ෂයට ඇතුළු වූ බව චීන බලධාරීන් පවසයි.
මෙම මෙහෙයුමේදී Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයේ ගගනගාමින් කණ්ඩායම චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ඇතුළු වනු ඇත.
මෙහෙයුම අතරතුර, අභ්‍යවකාශයේ ජීව ක්‍රියාවලි සහ මානව පර්යේෂණ, ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ භෞතික විද්‍යා පර්යේෂණ සහ නව අභ්‍යවකාශ තාක්ෂණයන් ඇතුළු ක්ෂේත්‍රවල විවිධ පර්යේෂණ සිදු කිරීමට නියමිත අතර ජාත්‍යන්තර විද්‍යාත්මක පර්යේෂණ කිහිපයක් ද ඊට ඇතුළත් වේ.
චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුමකට විදේශීය ගගනගාමියෙකු සහභාගී වූ පළමු අවස්ථාව ද මෙය වන අතර, ඒ අවස්ථාව අද දින හිමි වූයේ පාකිස්තාන ගගනගාමී මුහම්මද් සීෂාන් අලි වෙතයි.
තවද, මෙය Long March රොකට් මාලාවේ 680වන අභ්‍යවකාශ ගමන මෙන්ම, Shenzhou අභ්‍යවකාශ යානා මාලාවේ 24වන මෙහෙයුම ද වේ.








































