
2026 වසරේ 75 වැනි විශ්ව රූ රැජින තරගාවලියේ කිරුළ පුවර්ටෝ රිකෝවේ ජෙනිෆර් බැරෙටෝ (Jennifer Barreto) විසින් දිනාගෙන තිබේ.
ඊයේ (24) පුවර්ටෝ රිකෝවේ සැන් ජුවාන් නුවර පැවති අවසන් මහා තරගයේදී රටවල් සහ ප්රදේශ 116ක් නියෝජනය කරමින් තරගකාරියන් එක්ව සිටියහ.
ඒ අනුව, පසුගිය වසරේ කිරුළ හිමි කරගත් මෙක්සිකෝවේ ෆාතිමා බොෂ්ගෙන් (Fátima Bosch) පසු නව විශ්ව රූ රැජින ලෙස ජෙනිෆර් බැරෙටෝ කිරුළ හිමිකර ගත්තාය.
දියමන්ති 3,150කින් අලංකාර වූ 'The Radiance of Eternal Legacy' නමැති කිරුළ ඇයට පිරිනමා තිබේ.
මෙවර තරගාවලිය සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් 48 වැනි ශ්රී ලංකා විශ්ව රූ රැජින ලෙස නිම්හාරා සසින්දි ද එක්ව සිටියාය.









































