
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා හෙට (03) දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (02) දිනයේ කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාගේ වැඩිදුර කරුණු දැක්වීම හෙට දිනට නියමිතව ඇති අතර, ඒ සඳහා අදාළ නඩුව හෙට යළි කැඳවීමට අධිකරණය තීරණය කළේය.

















































