
මහනුවර , පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ බව කියන රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියෙක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබුණි.
ඊයේ(01) රාත්‍රී 8ට පමණ මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි රිමාන්ඩ් සිරකරුවෙකි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා පැවසුවේ රැඳවියා බන්ධනාගාර නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරාගැනීමට තැත්කිරීමේදී ඔහුට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් සන්තකයේ තබාගෙන සිටි බවට වූ චෝදනාව මත සතියක පමණ සිට ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියදී මෙම සිද්ධියට මුහුණ පා තිබේ.
ඔහුගේ මෘත ශරීරය ඊයේ රාත්‍රීයේම මහනුවර ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන්ද රෝහල වෙත පැමිණ තිබේ.
මියගිය පුද්ගලයා මීට මාස 6කට පමණ පෙර විවාහ වී ඇති අතර ඔහුගේ බිරිඳ මාස 2ක ගැබිනියක් බව වාර්තා වෙයි.


















































