
අද (01) මධ්යම රාත්රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 490කි.
ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 424ක් දක්වා ඉහළ යනු ඇති.
එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 05කින් මිල ඉහළ නැංවෙන අතර ඒ අනුව එහි නව මිල රුපියල් 397කි.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 543ක් දක්වා ඉහළ යනු ඇත.
කෙසේවෙතත් භූමිතෙල් මිලෙහි වෙනසක් සිදුවන්නේ නැත. ඒ අනුව භූමිතෙල් මිල වන්නේ රුපියල් 285 කි.
මෙඅතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉහළ දැමූ මිල ගණන්වලට අනුකූල වන පරිදි එම ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද (IOC) සිය මිල ගණන් සංශෝධනය කර තිබේ.

















































